රටතුළ කොවිඩ් වසංගතයේ පැතිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කාරක සභාව රැස්කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
අදවනවිට රෝහල්වල කොවිඩ් ආසාදියින් සදහා ඇදන් නොමැති තත්වයක් උද්ගතව ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද දින පිළිතුරක් ලබා දෙනු ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියා.