මෙරට දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණ කරනවා වෙනුවට ආණ්ඩුව ඇවිදින මං තීරු ඇතුලු නිෂ්එල ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වියදම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
පාසල්වලට පරිගණක පිරිනැමිමට සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සක්වල නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට තණමල්විල ප්‍රදේශයේදි එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ.
සමගි ජන බලවේගය සාම්ප්‍රාදායික විපක්ෂයේ ක්‍රියාවලියෙන් බැහැරව රට වෙනුවෙන් උපරිම වැඩ කොටසක් ක්‍රියාත්මක කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.
එබැවින් සෙසු දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් එල්ලවන විවේචන සමගි ජනබලවේගයට අදාල නොවන බවයි විපක්ෂනායකවරයා අවධාරණය කළේ.