පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ උද්ඝෝෂණ / විරෝධතා වැනි ජනඒකරාශිවීම් සංවිධානයේදී දේශපාලන වැදගත්කම්වලට වඩා සෞඛ්‍යමය වැදගත්කම සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් විය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.
එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික රුවන් ජයසූරිය මහතා නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ පෙන්වා දුන්නේ එවැනි ජන ඒකාරාශිවීම් වලින් සිදුවනුයේ රට තුළ තවත් කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානම ඉහළ යාම බවයි.