උතුරු නැගෙනහිර ධීවරයන් කලු කොඩි වලින් සැරසූ බෝට්ටුවල නැගී විරෝධතා පුවරු ද රැගෙන මේ වනවිට විරෝධතාවයක නිරත වනවා.
මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු තීරයේ ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව සඳහන්.
ඒ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවීම වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනා කරමින්.
ඉන්දීය ධීවරයන් පතුල සහිත ටෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමෙන් මෙරට මත්ස්‍ය සම්පත විනාශයට පත් වන බවට උතුරු නැගෙනහිර ධීවරයන් අඛණ්ඩව චෝදනා කරනවා.
