එළඹෙන උත්සව සමයේදී කොළඹ සහ ඒ ආශ්‍රිත ජනාකීර්ණ ප්‍රදේශවල පදිකවේදිකා ඇතුලු ආහාර අලෙවිසැල් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කලේ කොළඹ නගරය කොටස් 06 කට බෙදා ආහාර සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහය ඇතිව මෙම වැටලීම් සිදුකෙරෙන බවයි.
අද පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති කොවිඩ් 19 ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍ය රුවන් විජේමුණි මහතා මේ බව කියා සිටියා.
මේ අතර පිටකොටුව ඇතුලු ජනාකීර්ණ ප්‍රදේශවල මුව ආවරණ නොපළදින පුද්ගලයින් සොයා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කිරීමේ මෙහෙයුම්ද මෙම සතියේදී නැවත ආරම්භ කරන බවයි රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් අවධාරණය කලේ.