කොවිඩ් පාලනය හා එන්නත්කරණය සතුටුදායක තත්ත්වයක පවතින බැවින් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේ නොමැති වුවහොත් අළුත් අවුරුදු පොකුර වැනි තවත් පොකුරු බිහිවීමට ඉඩ තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
උත්සව සමයේ නිවෙස්වල පැවැත්වෙන උත්සව, ප්‍රියසම්භාෂණ වැනි දෑ සියල්ලට සීමා පැණවීමට අසීරු බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ස්ථාවරය වන්නේ.
රට වැසීම හොදම සහ සරළම ක්‍රියාමාර්ගය ලෙස ඇතැමුන් පැවසුවද එමගින් සිදුවන්නේ ආර්ථිකය කඩා වැටීම බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.