ජනතා ගැටලු වලට විසදුම් ලබානොදී නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු යාමෙන් වළකින ලෙස මෙරට වෘත්තීය සමිති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අවධාරණය කරනවා.
හෙට සිට ආරම්භ කෙරෙන විරෝධතා සතියේ එක් අදියරක් ලෙස පාර්ලිමේන්තුවද වැටලීමට සූදනමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වෘත්තීය සමිති එකමුතුව කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රවී කුමුදේශ් මේ බව කියා සිටියා.
