ශ්‍රී ලංකාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයන් 69 දහස් 266 දෙනෙකුට ලබාදී තිබෙනවා.
ඒ අනුව ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ මාත්‍රා 02 ම ගත් පුද්ගලයන් සංඛ්‍යාව හාර ලක්ෂ 55 දහස් 151 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දිනයේදී සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයන් එක් ලක්ෂ 14 දහස් 997 දෙනෙකුටද / එහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 31 දහස් 223 දෙනෙකුටද ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
එමෙන්ම මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 432 දෙනෙකුට ලබාදී තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාව තුළදී අද දිනය වනවිට භාවිත කර ඇති සමස්ත කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් කෝටි 23 ලක්ෂ 31 දහස් 868 දක්වා ඉහළ යනවා.
ඉන් 22 ලක්ෂ 54 දහස් 887 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව අවසන්.
