මෙරටතුල ඊයේ දිනයේදී පුද්ගලයින් දෙලක්ෂ තිස් තුන්දහස් හත්සිය පනස් දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත දී තිබෙනවා.
ඊයේ දින වැඩියෙන්ම භාවිතයට ගෙන ඇත්තේ මොඩර්නා එන්නත වන අතර එහි පළමු මාත්‍රාව එක්ලක්ෂ දහසය දහස් තුන්සිය අනූ නව දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කර ඇති එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අසූ හත්දහස් හාරසිය තිස් අට දෙනෙකු සදහාත් – එහි දෙවන මාත්‍රාව දහතුන්දහස් දෙසිය පනස් පස් දෙනෙකු සදහාත් – ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව දහසය දහස් හයසිය විසි අටදෙනෙකු සදහාත් ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.
මේ අනුව අදවනවිට මාත්‍රා දෙකම ලබාදීමෙන් මෙරටතුල පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු සංඛ්‍යාව දාහත්ලක්ෂ තිස් හයදහස් තුන්සිය දාහතරක්.
