මෙරටතුල ඊයේ දිනයේදී පුද්ගලයින් එක්ලක්ෂ හැටදහස් හයසිය විසි දෙදෙනෙකුට කොවිඩ් මර්දන එන්නත දී තිබෙනවා.
ඊයේ දින වැඩියෙන්ම භාවිතයට ගෙන ඇත්තේ මොඩර්නා එන්නත වන අතර එහි පළමු මාත්‍රාව අනූ හත්දහස් එකසිය විසි එක් දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කර ඇති එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හතලිස් දහස් එකසිය දස දෙනෙකු සදහාත් – එහි දෙවන මාත්‍රාව දස දහස් අසූ තුන්දෙනෙකු සදහාත් – ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව දහතුන්දහස් තුන්සිය අටදෙනෙකු සදහාත් ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.
මේ අනුව අදවනවිට මාත්‍රා දෙකම ලබාදීමෙන් මෙරට තුල පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව දාහත් ලක්ෂ හතලිස් හයදහස් තුන්සිය අනූ හත දක්වා ඉහළ යනු ඇති.
