ඊයේ දිනයේ විදුළි කප්පාදුවක් සිදුනොවූ බව විදුළිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
කැළණිතිස්ස බලාගාරයේ ක්‍රියාකාරිත්වයට අඩුපාඩුවක්ව පැවති තෙල් ප්‍රමාණය ඛණිජ තෙල් සංස්ථාව හරහා ලබා ගැනීමට හැකිවූ බැවින් විදුළි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවූ බවයි අද පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මේ අතර තවදුරටත් විදුළිබල මණ්ඩලයේ පවතින ගැටලු විසදීමට ඛණිජ තෙල් සංස්ථාවට හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අවධාරණය කරනවා.
ඛණිජ තෙල් සංස්ථාව විදුළිබල මණ්ඩලයට වඩා දැඩි මූල්‍ය අර්බුදයකින් පසුවන බවයි ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළේ. බලශක්ති අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියා.