ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1711 දෙනා අතරින් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 481ක්.
ගම්පහ 310ක් / කලුතර 228ක් / මඩකලපුව 109ක්/ අම්පාර 72ක් / මහනුවරින් 66ක් / මාතරින් 62ක් / බදුල්ල 54ක් සහ යාපනය 51ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.
කුරුණෑගල 43ක් / කෑගල්ල 32ක් / ගාල්ල 30ක් / මොණරාගල 26ක් / පොළොන්නරුව 21/ හම්බන්තොට 20ක් / කිලිනොච්චියෙන් 18ක් සහ රත්නපුර 14ක් ලෙස ඊයේ වාර්තා වුණා.
මීට අමතරව පුත්තලම 12ක් / මාතලේ 10ක් / ත්‍රිකුණාමලයෙන් 09ක් /අනුරාධපුර 08ක් / මුලතිව් 06ක් / මන්නාරම 03 ක් / වවුනියාව 02ක් / නුවරඑළියෙන් එක් අයෙකු ලෙස ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.
විදේශයන්හි සිට පැමිණි 23ක් ද ඊයේ ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.