ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2 370 දෙනා අතරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 396ක්.
කොළඹින් 368ක් / කලුතර 220ක් / ගාල්ලෙන් 200ක් / මාතලේ 179ක් / මහනුවරින් 147ක් / බදුල්ල 138ක් / යාපනය 105ක් සහ මොණරාගලෙන් 103ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වූණා.
අම්පාර 87ක් / රත්නතපුර 71ක් / මඩකලපුව 66ක් / කෑගල්ලෙන් 59ක් / මාතර 46ක් / කුරුණෑගල 36ක් ලෙස ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.
මීට අමතරව කිලිනොචිචියෙන් 29ක් / නුවරඑළිය 25ක් / පොළොන්නරුවෙන් 19ක් / අනුරාධපුරයෙන් 08ක් / හම්බන්තොට 07ක් / ත්‍රිකුණාමලයෙන් 07ක් / පුත්තලමෙන් 05ක් / පුත්තලම 05ක් / වවුනියාවෙන් 05ක් / මන්නාරම 02ක් සහ මුලතිව් එක් අයෙකු ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.
විදේශයන්හි සිට පැමිණි 41ක් ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්.