ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් 1737 දෙනා අතරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 330ක්. ගම්පහ 236ක් / කලුතර 156ක් / අම්පාර 109ක් / මඩකලපුව 111ක් / ගාල්ල 96ක් / යාපනය 94ක් සහ බදුල්ල 76ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.
මහනුවර 74ක්/ රත්නපුර 67ක්/ කෑගල්ල 59ක් / මොණරාගල 49ක් ලෙස ඊයේ වාර්තා වූ අසාදිතයින් අතර වනවා.
මීට අමතරව මාතර 30ක් / මාතලේ 17ක් / අනුරාධපුරය 13ක් / නුවරඑළිය 07ක් / හම්බන්තොට 08ක් /මුලතිව් 09ක් / ත්‍රිකුණාමලය 09ක් / වවුනියාව 04ක් / මන්නාරම 03ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.
විදේශයන්හි සිට පැමිණි 30ක් ද ඊයේ අසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.