ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2460 දෙනා අතරින් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 535ක්.
කලුතරින් 441ක් / කොළඹින් 222ක් / මාතලෙන් 171ක් / ගාල්ල 151ක් / මහනුවරින් 140ක් / යාපනය 108ක් /අම්පාර 138ක් සහ බදුල්ල 95ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.
කෑගල්ල 62ක් / මොණරාගල 57ක් / රත්නපුර 49ක් / නුවර එළිය 46ක් / මඩකලපුව 42ක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා.
මීට අමතරව පුත්තලම 35ක් / මාතර 35ක් / පොළොන්නරුව 32ක් / කුරුණෑගල 25ක් / හම්බන්තොට 25ක් / වවුනියාවෙන් 11ක් / අනුරාධපුරෙන් 07ක් / කිලිනොචිච්යෙන් 10ක් /ත්රිණාමලයෙන් 08ක් / මුලතිව් 07ක් / මන්නාරම 05ක් ලෙස ඊයේ වාර්තා වූ අසාදිතයින් අතර වනවා.
විදේශයන්හි සිට පැමිණි 05ක් ද ඊයේ කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වුණා.