ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් 2450 දෙනා අතුරෙන් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 311 ක් .
කොළඹින් ඊයේ වාර්තා වී ඇත්තේ ආසාධිතයින් 293 න් දෙනෙක් පමණයි.
ගම්පහ 140 ක් / කළුතර 223 ක් / මහනුවර 189 ක් / කුරුණෑගල 58 ක් / ගාල්ල 133 ක් / යාපනය 95 ක් / කෑගල්ලේ 54 ක් / පුත්තලම 49 ක් සහ අනුරාධපුර 67 ක් වශයෙන් ඊයේ මෙරටින් කොවිඩ් ආසාධිතයින් වාර්තා වී තිබෙනවා .
මාතර 37 ක් / පොලොන්නරුව 30 ක් / අම්පාර 176 ක් / නුවරඑළිය 20 ක් / රත්නපුර 109 ක් / හම්බන්තොට 79 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 72 ක්ද ඊයේ වාර්තා වී තිබෙනවා.
මඩකලපුව 167 ක් / මොනරාගල 46 ක් / කිළිනොච්චි 44 ක් / මුලතිව් 09 ක් බැගින් මෙන්ම ත්‍රිකුණාමලය 11 ක් / වව්නියාව 06 ක් / මන්නාරම 05 ක් සහ විදේශයන්හි සිට පැමිණි 27 දෙනෙක් වශයෙන් ද ඊයේ මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා .