මෙරට කොවිඩ් ආසාදිතව සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ 6,000 සීමාව පසුකරනු ලැබුවා.
ඒ, පෙරේදා දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 161 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6,096 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ තහවුරු වූ මරණ අතර අවුරුදු 30 ට අඩු එක් පුද්ගල මරණයක් / අවුරුදු 30 ත් 59 අතර පුද්ගල මරණ 38 ක් සහ අවුරුදු 60 ට වැඩි පුද්ගල මරණ 122 ක් ඇතුලත්.
මියගොස් ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 ක් සහ කාන්තාවන් 78 ක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
මේ අතර ඊයේ දිනයේදීත් ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් ආසාධිතයන් 3000 ඉක්මවා වාර්තා වුණා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාධිතයන් 3435 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 03 ලක්ෂ 54 දහස් 968 ක් බවට පත්වුණා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 39 දහස් 301 ක්.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 9732 දක්වා ඉහළ ගියා.
