මෙරට තුළදී පුද්ගලයන් 03 ලක්ෂ 30 දහස් 868 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් එන්නත් මාත්‍රා ලබා දී තිබෙනවා.
ඒ සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයන් 03 ලක්ෂ 6507 දෙනෙකුට / එහි දෙවන මාත්‍රාව 20 දහස් 100 දෙනෙකුට / ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 2395 දෙනෙකුට සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 1866 දෙනෙකුට ලෙසයි.
මේ අනුව අද දිනය වනවිට ශ්‍රී ලංකාව තුළදී භාවිත කර ඇති සමස්ත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් කෝටි 20 ලක්ෂ 98 දහස් 889 දක්වා ඉහළ යනු ඇති.
