ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 680 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගැණුනා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 28 දහස් 415 ක් බවට පත්වුණා.
දැනට මෙරට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 23 දහස් 769 ක්.
මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 91 දහස් 238 ක් ලෙසයි පවතින්නේ.
තවත් කොවිඩ් මරණ 31 ක් පෙරේදා දිනයේදී සටහන් වී තිබෙනවා.
ඉන් මරණ 23 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 08 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අයයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13 දහස් 408 දක්වා ඉහළ ගියා.