කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් දෙලක්ෂ 65 දහස් 766 දෙනෙකුට ඊයේ දිනයේදී බූස්ටර් මාත්‍රාව හෙවත් තුන්වන මාත්‍රාව දී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටදී තුන්වන එන්නත් මාත්‍රාව ගෙන ඇති මුලූ පුද්ගලයින් සංඛ්‍යාව 23 ලක්ෂ 46 දහස් 182 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දිනය වනවිට පුද්ගලයින් එක්කෝටි 38 ලක්ෂ 8 දහස් 331 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
භාවිතයට ගෙන ඇති මුලූ එන්නත් මාත්‍රා සංඛ්‍යාව 03 කෝටි 21 ලක්ෂ 21 දහස් 217ක්.