ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3 දහස් 039 දෙනා අතරින් 1483 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
බස්නාහිර පළාතේ වැඩිම පිරිස වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්යෙන් වන අතර එම පිරිස 591ක්.
කොළඹින් 455ක් සහ කලුතරින් 437 දෙනෙකු ඊයේ වාර්තා වුණා. මහනුවරින් 53ක් / කුරුණෑගල 82ක් / ගාල්ලෙන් 327ක් / යාපනය 37ක් / කෑගල්ල 28ක් / පුත්තලමෙන් 136ක් / අනුරාධපුර 84ක් සහ මාතරින් 22ක් ලෙස ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා.
පොළොන්නරුව 26ක් / අම්පාර 65ක් / නුවරඑළිය 13ක් / රත්නපුරෙන් 179ක් / හම්බන්තොට 64ක් සහ බදුල්ලෙන් 100ක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.
මීට අමතරව මඩකලපුවෙන් 26ක්/ මොණරාගල 48ක් / කිලිනොචිචියෙන් 49ක් / මුලතිව් 03ක් / ත්‍රිකුණාමලයෙන් 28ක් / මාතලේ 113ක් / වවුනියාව 25 ක් සහ මන්නාරමෙන් දෙදෙනෙකු ඊයේ වාර්තා වුණා. විදේශයන්හි සිට පැමිණි 46 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්.