ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී දිස්ත්‍රික් 10 කින් කොවිඩ් ආසාධිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.
ආසාධිතයන් 2794 න් වැඩිම පිරිස වන 548 වාර්තා වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොළඹ 356 ක් / ගම්පහ 369 ක් / මහනුවර 224 ක් / ගාල්ල 111 ක් / අම්පාර 135 ක් / රත්නපුර 129 ක් / බදුල්ල 107 ක් / යාපනය 174 ක් / හා මාතලේ 114 ක් ආසාධිතයන් අතරට අයත්.
කුරුණෑගල 35 ක් / කෑගල්ල 63 ක් / අනුරාධපුරය 3 ක් / මාතර 56 ක් / පොළොන්නරුව 11 ක් / නුවරඑළිය 32 ක් / හා හම්බන්තොට 13 ක්ද මේ අතර වනවා.
මඩකලපුව 89 ක් / මොනරාගල 60 ක් / කිලිනොච්චි 17 ක් / මුලතිව් 7 ක් / ති‍්‍රකුණාමලය 22 ක් / වව්නියාව 29ක් / මන්නාරම සිට 2 ක් හා විදෙස්ගතව සිට පැමිණි 2 ක් ඊයේ කොරෝනා ආසාධියන් ලෙස හදුනා ගැනුනා.
