ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 12,847 දක්වා ඉහළ ගියා.
ඒ පෙරේදා සිදුවූ කොවිඩ් ආසාධිත මරණ 61 ක් ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගයි.
ඉන් 47 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 14 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 941 ක්. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 16 දහස් 465 ක් බවට පත්වුණා.
දැනට මෙරට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 46 දහස් 761 ක්.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 56 දහස් 857 දක්වා ඉහළ ගියා.