ශ්‍රී ලංකාවෙන් ඊයේ සටහන්වූ කොවිඩ් ආසාධිතයන් 2961 දෙනා අතුරින් වැඩිම පිරිස වන 852 සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කලුතර 320 ක් / ගම්පහ 319 ක් / ගාල්ලේ 255 ක් / රත්නපුර 187 ක් / මහනුවර 142 ක් / කෑගල්ලේ 135 ක් ඊයේ ආසාධිතයන් අතරට අයත්.
යාපනයේ 113 ක් / අනුරාධපුර 96 ක් / අම්පාරේ 95 ක් / බදුල්ලේ 95 ක් / මාතර 76 ක් සහ මොණරාගල 66 ක් ලෙස ආසාධිතයන් සටහන්වී තිබෙනවා.
මඩකලපුවේ 59 ක් / වව්නියාවේ 36 ක් / පොළොන්නරුවේ 35 ක් / මන්නාරමේ 20 ක් / කුරුණෑගල 15 ක් / ත්‍රිකුණාමලයේ 10 ක් / මුලතිවු 09 ක් සහ පුත්තලමේ හා කිළිනොච්චි 07 ක් බැගින් වාර්තා වුණා.
විදේශයන්හි සිට පැමිණි 05 ක් / හම්බන්තොට 04 ක් / මාතලේ 02 ක් සහ නුවරඑළියේ එක් ආසාධිතයෙකුද ඊයේ මෙරට ආසාධිතයන් අතර වනවා.
