ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 11,431 දක්වා ඉහළ ගියා.
ඒ පෙරේදා සිදුවූ කොවිඩ් ආසාධිත මරණ 135 ක් ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගයි.
ඉන් 109 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 26 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 2560 ක්.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 04 ලක්ෂ 88 දහස් 482 ක් බවට පත්වුණා.
දැනට මෙරට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 62 දහස් 756 ක්.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 14 දහස් 295 දක්වා ඉහළ ගියා.