ශ්‍රී ලංකාවෙන් ඊයේ හදුනාගත් කොරෝනා ආසාධිතයන් 1721 දෙනාගෙන් වැඩිම පිරිස වන 347 වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ගම්පහ 218 ක් / කලුතර 209 ක් / ගාල්ලේ 116 ක් / අම්පාර 109 ක් / රත්නපුර 139 ක් / මහනුවර 91 ක් / හා කුරුණෑගල 39 ක්ද ඊයේ කොවිඩ් ආසාධිතයන් අතරට අයත්.
යාපනය 7 ක් / කෑගල්ලේ 54 ක් / පුත්තලම 20 ක් / අනුරාධපුරය 36 ක් / මාතර 36 ක් / පොළොන්නරුව 20 ක් හා නුවරඑළිය 21 ක්.
හම්බන්තොට 72 ක් / බදුල්ල 23 ක් / මඩකලපුව හා මොනරාගල 33 බැගින් / කිලිනොච්චි හා ත්‍රිකුණාමලය 7 බැගින් / මාතලේ 66 ක් / වව්නියාව 9 ක් හා විදෙස්ගත ලාංකිකයන් 7 ක් ද ඊයේ වාර්තා වුනා.
