ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයන් 2561 අතරින් වැඩිම පිරිස වන 393 වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබද ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොළඹ 388 ක් / කලුතර 382 ක් / මහනුවර 200 ක් / මාතර 250 ක් / මොනරාගල 116 ක් / කුරුණෑගල 34 ක් / ගාල්ල 51 ක් / යාපනය 72 ක් / කෑගල්ලේ 33 ක් / ආසාධිතයන් අතරට අයත්.
පුත්තලම 8 ක් / අනුරාධපුරයේ 10 ක් / පොලොන්නරුව 35 ක් / අම්පාර 98 ක් / නුවරඑළියේ 83 ක් / රත්නපුර 96 ක් / හම්බන්තොට 47 ක් / බදුල්ලේ 73 ක් ද ආසාධිතයන් ලෙස හදුනා ගැනුනා.
මඩකලපුව 91 ක් / කිලිනොච්චි 23 ක් / මුලතිව් 2 ක් / ත්‍රිකුණාමලය 50 ක් / මන්නාර 4 ක් / මාතලේ හා වව්නියාව 2 බැගින් හා විදෙස්ගතව සිට පැමිණි 18 ක් ඊයේ ආසාධිතයන් අතරට අයත්.
