මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 566 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගනු ලැබුවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 41 දහස් 639 දක්වා ඉහළ ගියා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 14 දහස් 787 ක්. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 13 දහස් 092ක් ලෙසයි පවතින්නේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13 දහස් 760 දක්වා ඉහළ ගියා.
ඒ පෙරේදා සිදුවූ තවත් කොවිඩ් මරණ 17 ක් ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගයි.