රජයේ අදායම් අහිමි වී ඇති අවස්ථාවකදී රජයේ වියදම් පියවීම සදහා ඇත්තේ පියවර තුනක් පමණක් බව වෙළද අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා.
බදු වැඩිකිරීම / විදේශ ණය ගැනීම සහ දේශීය සම්පත් විකිණීම ඒ අතර වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඊයේ තමන් විසින් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිම සදහා අද පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදි බන්ධුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කලා.
අධ්‍යාපන වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇති ස්ථාවරය පිළිබදව මාධ්‍යවේදීන් නැවතත් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කලා.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කලේ එම කිසිදු ඉල්ලීමක් ඉක්මණින් ඉටු කිරීමේ කිසිදු හැකියාවක් ආණ්ඩුවට නොමැති බවයි.
