මෙරටට ගෙන්වා ඇති සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දෙලක්ෂ හැත්තෑ එක් දහස් හාරසිය දෙදෙනෙකුට ඊයේ එන්නත් කර තිඛෙනවා.
එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් සංඛ්‍යාව එකොලොස් දහස් හාරසිය අසු පහක්.
මේ දක්වා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සමස්ථ සංඛ්‍යාව පනස් පන් ලක්ෂ හැට පන් දහස් හාරසිය විසි හතරක් වන අතර දෙවැනි මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව දාහතර ලක්ෂ හය දහස් දෙසිය විසි හතරක්.
මොඩර්නා පළමු මාත්‍රාව ඊයේ ලබාගත් සංඛ්‍යාව 37 385 ක් වන අතර එය ලබාගත් සමස්ථ සංඛ්‍යාව හය ලක්ෂ හැත්තෑ දහස් පන්සිය අසු තුනක්.
