මෙරට තුල ඊයේ දිනයේදී පුද්ගලයින් එක්ලක්ෂ දාහතරදහස් දෙසිය අනූඑක් දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් දී තිබෙනවා.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව තිස් අටදහස් හයසිය හැට පස් දෙනෙකුටත් – එහි දෙවන මාත්‍රාව දාහත්දහස් පන්සිය හතලිස් හත් දෙනෙකුටත් ලබා දී ඇති බවයි එන්නත්කරණ දෛනික දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හතලිස් හයදහස් එකසිය දහතුන්දෙනෙකටත් එහි දෙවන මාත්‍රාව දෙදහස් පන්සිය හතලිස් පස්දෙනෙකුටත් දී තිබෙනවා.
ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව තුන්දහස් අටසිය තිස් දෙනෙකුටද එහි දෙවන මාත්‍රාව 126 දෙනෙකුටද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 5465 දෙනෙකුටද දී ඇති බවයි එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
මේ අනුව කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් ඊයේ දිනය වනවිට පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව විසි හයලක්ෂ අනූ නවදහස් තුන්සිය පනහ දක්වා ඉහළ යනු ඇති.
