මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 693 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගනු ලැබුවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 47 දහස් 346 දක්වා ඉහළ ගියා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 10 දහස් 921 ක්.
සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 22 දහස් 517 ක් ලෙසයි පවතින්නේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13 දහස් 908 දක්වා ඉහළ ගියා.
ඒ පෙරේදා සිදුවූ තවත් කොවිඩ් මරණ 16 ක් ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගයි.