මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 05 ලක්ෂ 59 දහස් 605 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 745 ක් වාර්තාවීමත් සමගයි.
තවත් කොවිඩ් මරණ 23 ක් පෙරේදා දිනයේදී වාර්තා වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මර්ණ සංඛ්‍යාව 14 දහස් 205 ක්.
කොවිඩ් ආසාදිතයින් 17 දහස් 471 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 05 ලක්ෂ 27 දහස් 929 ක්.