සෞඛාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී තවත් වෙළදසැල් 505කට සහ වායු සමනය කළ බස් රථ ඇතුලු මගී ප්‍රවාහන බස් රථ 383කට පොලිසිය විසින් අවවාද කර තිබෙනවා.
පොලිස් නිලධාරින් 451 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරු 12 සිට පස්වරු 02 දක්වා කාලය තුළදීයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.
එහිදී මගී ප්‍රවාහන බස් රථ 860ක් / වායු සමනය කළ බස් රථ 207ක් සහ වෙළදසැල් 1245ක් පරික්ෂාවට ලක්වූ බව පොලිසිය සදහන් කළා.