පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ ජූට් කුමාරි ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධ නඩුව අද කොළඹ අංක 2 මහේස්ත්‍රාත් අධීකරණයේදී යළි කැදවීමට නියමිතව තිඛෙනවා.
මෙම මරණය සම්බන්ධ විමර්ශණයට අදාලව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්ීන් මහතාගේ බිරිද සහ සැකකරුවන් දෙදෙනාද අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ පසුවන රිෂාඩ බදියුදීන් මහතාගේ බිරිදගේ සහෝදරයාද අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.
මේ අතර ඉෂාලිනි දැරියගේ මරණය පිළිබද විමර්ශණ කටයුතු නිවැරදිව – ස්වාධීනව අපක්ෂපාතීව හා කාර්යක්ෂමව පවත්වන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරනවා.
විමර්ශණයට අදාලව දැනට සිදුකර ඇති සහ ඉදිරියේදී කිරීමට අපේක්ෂාවෙන් සිටින කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමකට යටත් නොවී වැරදිකරුවන් සියල්ලන් නීතිය හමුවට ගෙන ඒමට පියවර ගන්නා බවයි.
ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මේවනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශණ ආරම්භ කර තිඛෙනවා.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය – බොරැල්ල පොලිසිය හා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය විසිනුයි මෙම විමර්ශන සිදුකරනු ලබන්නේ.
එමෙන්ම නීතිපතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකු ඇතුලු නිළධාරින් කිහිපදෙනෙකු විමර්ශණ නිවැරදිව හා ක්‍රමවත්ව පවත්වාගෙනයාම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිනවා.
අදාළ දැරිය පිළිස්සිම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවට ලද මුල් තොරතුර අනුව විමර්ශන ආරම්භ කර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ප්‍රකාශයක් සටහන් කිරීමට පොලිස් නිළධාරින් අවස්ථා කිහිපයකදී උත්සහකර ඇති බවත් දැරිය අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවීම හේතුවෙන් ප්‍රකාශයක් ගැනීමට නොහැකි වී ඇති බවත් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
දැරිය සිටි නිවසේ කාමරය අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් / ඇගිලි සටහන් විශේෂඥයින් හා ගිනි ගැනීම සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක විසින්ද පරික්ෂාවට ලක් කර තිඛෙනවා.
එහිදී දැරිය සිටි කාමරයේ තිබී පිළිස්සී දැවී ගිය කොටස් සොයාගෙන ඇති අතර එම කොටස් විශ්ලේෂණ කටයුතු සදහා රජයේ රස පරික්ෂක වෙත භාර දී තිඛෙනවා.
සිද්ධියට අදාළව දැනට ප්‍රකාශ 35 ක් පමණ සටහන් කරගෙන ඇති අතර තවත් ප්‍රකාශ ගැනීමටද නියමිතයි.
