පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී මියගිය 16 හැවිරිදි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා දේහය අද යළි ගොඩ ගැනීමට නියමිතයි.
ඩයගම සුසාන භූමියේ දී අද පෙරවරු 08 යි 30 ට සිරුර ගොඩගැනීමටයි නියමිතව ඇත්තේ.
මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පෙරේදා දිනයේදී පත්කෙරුණා.
එම වෛද්‍ය කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ, ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන මහතා හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා ඇතුළත්.
එම විශේෂඥ මණ්ඩලය / වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ද සහභාගි කර ගනිමින් නිරෝධායන උපදෙස් වලට අනුකුලව අද පෙරවරු 08.30 ට සිරුර ගොඩගන්නා ලෙසයි නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේ.
දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ සිරුර දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසටද අධිකරණය නියම කරනු ලැබුවා. නිරෝධායන උපදෙස් වලට අනුකුලව එම කටයුතු සිදුකල යුතු වනවා.
මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඩයගම ප්‍රදේශයට ගොස් සිටින කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඩයගම වතුයායේ කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
එමෙන්ම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ අයගෙන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන අවසන්.