පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදෙමින් සිටියදී මියගිය දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සදහා අධිකරණය විසින් ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කර තිබෙනවා.
ඒ අනූව ලබන 30 වෙනිදා එම කණ්ඩායමේ නිළධාරීන් සහ ක්ෂේත්රයේ විශේෂඥයින් රැසක් විසින් එම දැරියගේ සිරුර නැවත ගොඩගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.