හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීනිගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි මිය ගිය ඉෂාලිනි ජුඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
මෘත දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිම සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය සම්බන්ධයෙනුයි කොළඹ දකුණ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් සහ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙලෙස බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත්තේ.
හෙට දිනයේදී සිරුර ගොඩ ගන්නා බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.
දැරියගේ සිරුර මිහිදන් කර ඇති ඩයගම බටහිර කොටසේ පොදු සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරු සඳහන් කලේ.
