පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි ඉෂාලිනි නැමති දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරනු ලබන විමර්ෂණ පිළිබදව තමන් සැහිමකට පත්වන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසනවා.
හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවකදි ඔහු කියා සිටියේ ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ෂණ කටයුතු වලට කිසිදු දේශපාලන බලපැමක් නොමැති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන්ට අධිකරණයෙන් උපරිම දඩවම් ලැබෙන ඇති බවත් රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් තොන්ඩමන් මහතා සදහන් කළා.
වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවෙකුට නොහැකි වන සේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට මේවනවිටත් සාකච්ඡා කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.
වතු කම්කරුවන්ගේ පවුල්වල ආර්ථික ගැටලූවලට විසදුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවවිම නොවන බවත් ජීවන් තොන්ඩමන් මහතා පෙන්වා දුන්නා.