ගුරු වෘත්තීය සමිති නායකයින් සමග සුහදව කතාකරමින් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කිරීම සදහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මර්වින් සිල්වා මහතා පවසනවා.
ගුරුවරුන් ගෙනයන වෘත්තීය අරගලය තුල දරුවන් කෙරෙහි ගුරුවරුන්ගේ ඇති ආදරය කිසිලෙසකින් හෝ අඩුවක් වී නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.
අද මාතරදී පැවති උත්සවයකට එක්වෙමින් මර්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කලා.