කොවිඩ් වසංගතය පාලනය කිරීමේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ රජයේ සේවකයින් යළි සාමාන්‍ය පරිදි සේවයට කැදවමින් ජනාධිපති ලේකම්වරයා ඊයේ (30) නිකුත් කළ නිවේදනය අතර පරස්පරතාවක් පවතින බව සමගි ජන බලවේගය පවසනවා.
විපනක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් මහතා කියා සිටියේ රජයේ සේවකයින් සාමාන්‍ය පරිදි යළි සේවයට කැදවීමේ තීරණය හමුවේ ජන ජීවිතය බරපතල අවදානමකට මුහුණ දෙන බවයි.
මේ හරහා කොවිඩ් වසංගතය රටතුළ ව්‍යාප්ත කිරීමට ආණ්ඩුවේ සැළසුම් කරනේදැයි බරපතල සැකයක් පවතින බවද මුජුබර් රහුමාන් මහතා මෙහිදී සදහන් කළා.
කොවිඩ් වසංගතය බරපතල අවදානම් තත්වයකට පත්ව ඇති අවස්ථාවක ආණ්ඩුව විසින් මේවනවිට අනුගමනය කරමින් සිටින්නේ අමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනුගමනය කළ ප්රතිපත්තියදැයි මුජුබර් රහුමාන් මහතා මෙහිදී ප්‍රශ්ණ කර සිටියා.
ආණ්ඩුවේ බළධාරින් නිසි වේලාවට නිවැරදි තීරණ නොගැනීමේ ප්‍රතිවිපාක අදවනවිට මහජනතාවට අත්විදීමට සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නා.