බස් සංගම් යෝජනා කල ඉන්ධන සහනාධාරයක් ලබාදීම මෙම අවස්ථාවේදී අසීරු කටයුත්තක් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
එබැවින් බස් ගාස්තු වැඩි කිරීමකට යාමට සිදුවන බවත් එය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා කියාසිටියා.
බස් සංගම් සමග අද දහවල් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කලේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
ඔහු කියාසිටියේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව සාධාරණ ගාස්තු වැඩිවීමක් ලබාගන්නා බවයි.