රටේ ඉන්ධන හිඟයක් නොමැති බව රජය පවසනවා.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම සඳහා ආරක්ෂක අංශවල සහය ලබාගෙන ඇති බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් ඇරඹූ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ පස්වරුවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ලවුණා.
මෙරට ඉන්ධන වෙළඳපොළට ප්රවේශවීම සඳහා විදේශීය සමාගම් 3කට බලපත්‍ර ලබාදීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති ඊයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ.
ඒ හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල ඊයේ රාත්‍රී කාලයේදී දිගු පෝලිම් දක්නට ලැබුණා.
අද අලුයම ද ඇතැම් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සුළු පෝළිම් තත්ත්වයක් දක්නට ලැබුණු බවයි වාර්තාකරුවන් පැවසුවේ.
කෙසේවෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට පැවති බාධා මේ වන විට පහව ගොස් ඇති බවයි. මේ හේතුවෙන් බාධාවකින් තොරව ඉන්ධන සපයන බැවින් කලබල නොවන ලෙසයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ අතර ඛණිජ තෙල් වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඛණිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සූදානමට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී තීරණයක් ගන්නා බවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් පැවසුවේ.
