ඉන්ධන මිළ ඉහල දැමීමේ තීරණය භාර නොගන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඊට එරෙහිව හඩ නගන ලෙසයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඉන්ධන මිළ ඉහල යාම පාදක කරගෙන ඇතැම් ව්‍යාපාරිකයන් එක් එක් කේෂත්‍රවල මිළ ගණන්ද අසාධාරණ ලෙස ඉහල දමමින් ඇති බවයි බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හදුන්වා දුන් මිළ සූත්‍රයට වත්මන් ආණ්ඩුව ප්‍රශංසා කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමේ සුදානමකින්දැයි බිමල් රත්නායක මහතා ප්‍රශ්ණ කළා.