අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 22 කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම අවසර දී තිබෙනවා.
ඒ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාලවයි.
මේ යටතේ අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහල යනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.
ඔහු කියා සිටියේ කරුණු 12 ක් මත පදනම්ව මෙම ගාස්තු සංශෝධනය සිදු කළ බවයි.
ඉදිරියේදී යළිත් ඉන්ධන මිළ ඉහල ගියහොත් බස් ගාස්තුවද ඉහල දැමීමට සිදුවන බවයි ිනිලාන් මිරැන්ඩ මහතා අවධාරණය කළේ.