වර්ජනය නොතකා සේවයට වාර්තා කර ඉන්ධන බෙදා හැරීමේ නිරත ටැංකි රියදුරන්ට වර්ජනයේ නිරත ඇතැම් පුද්ගලික ටැංකි රියදුරන් විසින් බාධා එල්ල කරන බවට තොරතුරු ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ ඉන්ධන බෙදා හැරීම සඳහා ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ පර්යන්ත හරහා අවශ්‍ය සියලු මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
දුම්රිය – රජයේ හිමිකාරීත්වය සහිත ටැංකි සහ බෙදුම්කරුවන්ට අයත් බවුසර ඒ සඳහා පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලා.