ඉන්ධන පෝලිම් හමුවේ ජනතාව පත්ව ඇති දැඩි දුෂ්කරතාවය සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා ප්රමුඛ රජය භාර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කලා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.
ඉන්ධන පෝලිම් ආශ්‍රිතව මරණ 03 ක් වාර්තාවීම පිලිබඳවයි මාධ්‍යවේදියෙකු මෙහිදී විමසා සිටියේ.
මේ අතර විදුලි බිල් ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බවද රමේෂ් පතිරණ මහතා කියාසිටියා.
ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීමක් හෝ ධුර කාලයේ වෙනසක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත් රමේෂ් පතිරණ මහතා සඳහන් කලා.
