පවතින සීමිත ඉන්ධන තොග ප්‍රමාණය බෙදාහැරිම සඳහා ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවට ටෝකන් පතක් ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ කෙරෙනවා.
බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියා සිටියේ ත්‍රිවිධ හමුදාව විසින් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගතව සිටින ජනතාව වෙත ඒ ඒ පිරවුම්හල්වලට ආවේනික අයුරින් සකස් කරනු ලැබූ ටෝකන් පතක් මෙලෙස ලබාදීමට නියමිත බවයි.
මේ අතර රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු රුසියාවේ සංචාරයක් සඳහා අද පිටත්ව යන අතර ඔවුන් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතයි.
