නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ත්‍රිරෝද රථ රියදුරෙකු හා යතුරුපැදිකරුවෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්‍රීරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් ඇති අතර අනතුරුව ආරවුල ඇතිකරගත් යතුරුපැදිකරුද ඉන්ධන ලබාගෙන යන විට ඔහුට තියුණු ආයුධයකින් පහරදී ත්‍රීරෝද රථ රියදුරු පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
තුවාලකරු වතුපිටිවල රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක අයෙක්.
මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.