ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේ කිවු ආර් කේත ක්‍රමය ලබන 25 වැනි සදුදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කලේ මිලියන 02 කට ආසන්න පිරිසක් ඊට ලියාපදිචි වී ඇති බවයි.
තවදුරටත් අදාල ලියාපදිංචි විම් සිදුකරන බවද ඔහු කියා සිටියා.
හෙට දිනයේදි කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක මෙහි අත්හදා බැලිමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව එය ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය 0 -1 හෝ 2 නම් අගහරුවාදා හා සෙනසුරාදා දිනවල අවසන් අංකය 3-4-5 නම් බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවලද අවසන් අංකය 6-7-8-9 නම් සදුදා – බදාදා සිකුරාදි දිනවලදි පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකියි.
හෙට සිට ලබන 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයක මෙය ක්‍රියාත්මක වනු ඇති.